අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට චීන තානාපති චෙන්ග් ෂුවාන් මහතා අතර හමුවක් සිදුවි තිබේ.
අද (18) පෙරවරුවේ පැවති මෙම හමුවේදී චීන රජය ශ්‍රී ලංකා රජයත් සමඟ එක්ව මෙරට තුළ සිදුකරනු ලබන ව්‍යාපෘති පිළිබඳ චීන තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබේ.
එමෙන්ම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අනාගත ව්‍යාපෘතීන් පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.