නගර අලංකරණයට සහ ජනතාවට විවේකි සුවයෙන් කාලය ගත කිරීමට නිර්මාණය කරන ලද ස්ථාන කඩිනමින් පිළිසකර කර යථා තත්ත්වයට පත්කරන ලෙස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.
මේ අනුව කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක වේ.
පසුගිය වසර 4 1/2 ක කාලය තුළ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයෙහි නිසි පරිදි නඩත්තු කටයුතු සිදුනොවූ නිසා එම වෙළඳසැල් රැසක් වසා දැමීමට එම වෙළඳසැල් හිමියන්ට සිදුව තිබේ. ඒ ආකාරයට වෙළඳසැල් සියයට අසූවක් පමණ වසාදැමීමට සිදුවූ බව එම වෙළඳසැල් හිමියන් විසින් පෙන්වා දෙන ලදී.
මීට අමතරව පාවෙන වෙළඳ සැල් තිබෙන ඇලෙහි ජලය අපිරිසිදු වීම නිසා පසුගිය කාලය තුළ දැඩි පාරිසරික ප්‍රශ්න ද මතුවී ඇත.
මෙම සියලූ කරුණු ගැන අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන ලෙසයි.
ඒ අනුව කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ නඩත්තු කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා සහ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහත්වරුන්ගේ උපදෙස් අනුව මේ දිනවල සිදුකෙරේ.
වර්තමාන ජනාධිපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ඉදිකෙරුණු කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කළේ 2014 වර්ෂයේ අගෝස්තු 25 වනදාය.
රටේ උරුමය, දේශීය නිෂ්පාදන, වස විසෙන් තොර ආහාර ඇතුලූ කරුණු කිහිපයක් ගැන උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් මෙම පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිකරන ලද්දේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.
වෙළඳසැල් 103 කින් සමන්විත පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය වු මුදල රුපියල් මිලියන 312කි.
වියදම රුපියල් මිලියන 312කින් සීමාකිරීමට හැකි වූයේ යුධ හමුදාව සහ නාවික හමුදාව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කළ නිසාය.
කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියට විශාල ආයෝජනයක් වූ අතර වැයවුණු රුපියල් මිලියන 312 ක් 50% එම වසර 5ක් තුළ අයකර ගැනීමට ද සැලසුම් කර තිබුණි.
කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කළ කාලයේ දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණිය ද පසුගිය වසර 4 1/2ක කාලය තුළ මීට නිසි අවධානයක් සිදු නොවූ නිසාත් මෙහි නිසි නඩත්තුවක් සිදු නොවු නිසාත් මෙම වෙළඳ සංකීර්ණය කිසිවෙකුගේ අවධානයට ලක් නොවීය.