තම සමාගම් සමූහය 2023 දීද ලෝකයේ වැඩිම වාහන ඒකක ගණනක් අලෙවි කළ සමාගම බවට අඛණ්ඩව සිව්වැනි වසරටත් පෙරමුණ ගෙන ඇති බව ජපානයේ ප්රමුඛ පෙලේ වාහන නිෂ්පාදන සමාගමක් වන ටොයෝටා සමාගම පවසයි.
ටොයෝටා සමාගම 2023 වසරේදී ලොව පුරා මෝටර් වාහන ඒකක මිලියන 11.23ක් අලෙවි කර තිබේ. ටොයෝටා සමාගම යටතේ පවතින ඩයිහට්සු මෝටර් සමාගම සහ ට්රක් රථ නිෂ්පාදක හිනෝ සමාගම විසින් නිපදවා අලෙවි කළ මෝටර් වාහන ඒකක ප්රමාණයද මෙම අගයට ඇතුළත් කර තිබේ.
2022 වසර හා සැසදීමේදී ටොයෝටා සමාගම් සමූහයේ වාහන ඒකක අලෙවිය සියයට 7.2කින් ඉහළ ගොස් තිබේ. ජර්මනියේ වොක්ස් වැගන් සමාගම වාහන ඒකක මිලියන 9.24ක් අලෙවි කර ලෝකයේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
ටොයෝටා සමාගම මීට පෙර වසරකදි අලෙවි කළ ඉහළම මෝටර් වාහන ඒකක ගණන වූයේ 2019 වසරේදී අලෙවි කළ වාහන ඒකක මිලියන 10.74යි.