ලබන වසරේ ජනවාරි මාසය වන විට විදුලි ගාස්තු සංශෝධනයකට යා යුතු බවත් එසේ නොවුණ හොත් අඛණ්ඩ විදුලි සැපයිම ගැටලුවක් විය හැකි බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
අද (08දා) අයවැය කාරක සභා විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
" අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා අපි ගණන් බලා තිබුණා. නියගයක් ඇති වුණොත් ඒ්කකයක් රුපියල් 56.9ක් වෙයි. සාමාන්‍ය වර්ෂාපතනයක් තිබුණොත් රුපියල් 52ක් වෙයි. වර්ෂාපතනය හොඳටම තිබුණොත් ඒ්කකයක් හදන්න රුපියල් 49ක් යාවි."