අද (29දා) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී අකිල විරාජ් කාරියවසම් මහතා නැවතත් පක්ෂයේ මහලේකම් ධුරයට පත් කර තිබේ.
එමෙන්ම රවී කරුණානායක මහතා උප නායක ලෙසත්, නවීන් දිසානායක මහතා ජාතික සංවිධායක ලෙසත් නැවත වරක් පත් කර තිබේ.
පක්ෂ සභාපති තනතුරටත්, නියෝජ්‍ය නායක තනතුරටත් කිසිවෙක් පත් කර නොමැති බවත්, එම තනතුරු ඉදිරියේදී පත් කිරීමට නියමිත බවත් වාර්තාවේ. එමෙන්ම නීතීඥ බිස්මා මහතා එක්සත් ජාතික පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙසත් පත් කර තිබේ.
එමෙන්ම හිටපු පා.ම. පාලිත තෙවරප්පෙරුම මහතා, හිටපු පා.ම. සන්දීත් සමරසිංහ මහතා, හිටපු පා.ම. ආශු මාරසිංහ මහතා, හිටපු පා.ම. නාලක කොලොන්නේ මහතා, ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය, ශානක අයිලප්පෙරුම මහතා, කස්තුරි අනුරාධනායක මහතා, අස්මි කාසීම් මහතා යන අය කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් ලෙස අලුතින් පත් කර තිබේ.