(VIDEO) ප්‍රධාන ලාම්පු දල්වාගෙන මහපාරේ ගමන් කරන වාහන නවත්වා ඒ පිළිබඳව වාර්තාවක් තමාට ඉදිරිපත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
ඒ අනුව ජනවාරි පළමු වැනිදා සිට ප්‍රධාන ලාම්පු දල්වාගෙන එක්වර වාහන හත අටක් ගමන් ගන්නා සියලුම වාහන නවත්වන ලෙස තමා උපදෙස් දුන් බව ජනපතිවරයා අද (01දා) කොළඹදී පැවැති උත්සවයකදී පැවැසීය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"ගිය සතියෙ ඇමති මණ්ඩලයට කිවුවා පාරේ යනඑන ප්‍රභූවරුන්ගේ හැසිරීම පිළිබඳව. මම ඇමතිවරුන්ට කිවුවා අද යුද්ධය නෑ, ප්රභාකරන් නෑ ඒක නිසා බයවෙන්න කාරණයක් නැහැ කියලා. ප්‍රධාන වශයෙන්ම අපි කොහොමද පාරේ යන විට ආදර්ශය දෙන්නෙ කියලා.
ජනවාරි පළමු වැනිදා සිට පාරේ වාහන හත අටක් එකට යන, ලයිට් ගහගෙන යන වාහන ඔක්කොම පොලිස්පතිතුමාට කියලා නවත්තලා මට වාර්තා කරන්න කියනවා කියලා අමාත්‍යවරුන්ට කිවුවා. මේ යන්නෙ කවුද? වෙලේ සුදාද, මරුසිරාද, ආමි විමලෙද මේක හොයන්න බැහැ. මේක ප්‍රශ්නයක්. ලයිට් ගහගෙන යනවිට පොලීසියත් අයින් වෙනවා.
ලයිට් ගහගෙන වේගයෙන් යනවා. ඒ අයට වමත් නෑ, දකුණත් නෑ, වේග සීමාවත් නෑ, මොකක්වත් නෑ. එහෙම මේ රටේ පාරවල්වල යන්න කිසිකෙනෙකුට අවශ්‍යතාවක් නැහැ. ඇමතිවරුම කිවුවා ජනපතිතුමා, ඇමතිවරයෙක් වාහනයක යනවිට ඔහුගේ ආරක්ෂාව සඳහා පසුපසින් එක වාහනයක් යනවනම් ඇති කියලා.
කැබිනට් ඇමතිවරුද යන්නෙ, නියෝජ්‍ය ඇමතිවරුද යන්නෙ, මහ ඇමතිවරුද යන්නෙ, පළාත් ඇමතිවරුද යන්නෙ, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද යන්නෙ, එහෙම නැත්නම් මේ කවුරුවත් නැතිව අපරාධකාරයෙක්ද යන්නෙ කියලා පොලීසිය බලන්නෙ නැහැ. හිතන්නෙ VVIP, VIP ප්රභූවරු යනවා කියලයි. එතකොට මට බලාගන්න පුළුවන් ඒ අයට හැදිලා තියෙන අසනීපෙ මොකක්ද කියලා" යැයි පැවසීය.
VIDEO