එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 15% දක්වා වැඩි කිරීමේ යෝජනාවත් සමග මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කළ විදුලි සංදේශ, පෞද්ගලික අධ්‍යාපනය හා පෞද්ගලික සෞඛ්‍යය යන ක්ෂේත්‍ර එම නව වැට් බද්දට යටත් කර තිබේ.
වත්මන් රජයේ මෙම යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු වීමට නියමිත අතර, පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණ හොත් එළැඹෙන අප්‍රේල් 01 වැනිදා සිට එය ක්‍රියාවට නැංවීමටද රජය බලාපොරොත්තු වෙන් සිටින බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් විපක්ෂය දින දෙකක විවාදයක් ඉල්ලා තිබුණත්, එම විවාදයට මෙතෙක් දින නියම වී නැත.
යෝජනා කළ වැට් බදු සංශෝධනය ක්‍රියාත්මක වුවහොත්, ස්ථාවර හා ජංගම දුරකථන පහසුකම් ලබා ඇති මෙරට ජනතාවට තම දුරකථන ගාස්තු වෙනුවෙන් අමතර 15% ක වැට් බද්දකටද යටත් වීමට සිදුවනු ඇත.
විදුලි සංදේශ සේවා වැට් බද්දට යටත්වීම තුළ දුරකථන ගාස්තු ඉහළ යෑමට අමතරව, වැට් බද්දෙන් මෙතෙක් නිදහස්ව පැවති පෞද්ගලික සෞඛ්‍යය ක්ෂේත්රයද වැට් බද්දට යටත්වීමෙන් පෞද්ගලික අංශයෙන් සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නා පිරිසද අර්බුදකට ලක්වීමට ඉඩ ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.
විශේෂයෙන්ම, මෑතකදී රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු පවසා තිබුණේ මෙම බදු සංශෝධන ධනවතුන් ඉලක්ක කළ එකක් ලෙස වුවත්, මෙරට පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්රය භාවිත කරන ධනවතුන්ට පමණක් නොව, රජයේ රෝහල්වලින් ලියාදෙන ලේ, මුත්‍ර ඇතුළු විවිධ සෞඛ්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමට යන සාමාන්‍ය ජනතාවගේ පටි තද වීමක් බවට මෙය පත්වීම වැළැක්විය නොහැක.