ශ්‍රී ලංකාවේ විශාලම වැට් බදු වංචා නඩුවේ වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (06දා) රාති‍්‍රයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මැලේසියාවේ සිට ශි‍්‍ර ලංකාවට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඔවුන් අද (07දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය කියයි. මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවේ,
01. රසීඞ් මොහොමඞ් මුර්ෂිඩ් ( නියම කර ඇති දඩය රුපියල් බිලියන 6.3 යි, සිර දඬුවම වසර 280 යි)
02. නාගුර් අඩුමයි මොහොමඩ් නස්මි ( නියම කර ඇති දඩය රුපියල් බිලියන 2.4 යි, සිර දඬුවම වසර 100 යි)