දකුණු ආසියාවේ වැඩිම වැට් බදු මුදල් වංචාව වන රුපියල් කෝටි 400 බදු මුදල් වංචාකොට සැඟව සිටියදී මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනා බදු වංචාකරුවන් දෙදෙනාට ලබා දුන් දඬුවම ක්රියාවට නංවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය අද (10දා) නියෝග කළාය.
මෙලෙස දඬුවම් ක්රියාත්මක කරනු ලැබුවේ අවුරුදු 260ක බර වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් බිලියන 6.3ක දඬ නියමව සිටින රසීඩ් මොහොමඞ් මුර්ෂිඩ් හා වසර 120 ක බර වැඩ ඇති සිර දඬුවම් හා රුපියල් බිලියන 2.4 ක දඬ නියම වූ නාගුර් අඩුමයි මොහොමඩ් නස්මි නමත්තැන්ය.