මෙතෙක් 11% ක් ලෙස ක්‍රියාත්මක වූ එකතු කළ අගය මත බද්ද (VAT) 15% දක්වා ඉහළ නැංවීමත් සමග වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ 133 ක් හා සේවා 21 ක් මුදල් අමාත්‍යංශය විසින් ඊයේ (02දා) නිවේදනය කරන ලදී.
එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ඊයේ (02දා) සිට සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත් අතර, එහිදී මෙතෙක් 2% මට්ටමේ පැවති ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයෙහි වෙනසක් නොවූවද, එම බද්දට යටත්වීමේ සීමාව සහ බදු නිදහස ලැබෙන ක්ෂේත්‍ර සංශෝධනය කර තිබුණි.
භාණ්ඩ
1. වී
2. බිත්තර වී
3. සහල්
4. තිරිඟු
5. කරඳමුංගු
6. කුරුඳු
7. කරාබුනැටි
8. සාදික්කා
9. වසාවාසි
10. ගම්මිරිස්
11. දිසිදි පොල්
12. රබර්
13. ලේටෙක්ස්
14. පොල්
15. තේ
16. සහල් පිටි
17. පාන් පිටි
18. පාන්
19. ළදරු කිරිපිටි
20. දියර කිරි
21. පිටි කිරි
22. ඖෂධ නිෂ්පාදන සහ බෙහෙත්
23. ඖෂධ නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය
24. ආයුර්වේද ඖෂධ
25. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය
26. ගුවන් යානා
27. හෙලිකොප්ටර්
28. මුතු
29. දියමන්ති
30. ස්වාභාවික හෝ සින්තටික්
31. ඉතා වටිනා හෝ අර්ධ වටිනා පාෂාණ
32. දියමන්ති කුඩු
33. වටිනා ලෝහ
34. වටිනා ලෝහයන්ගෙන් යුතු ලෝහ පතුරු
35. රත්ත්‍රන් කාසි
36. පොත්
37. බොර පෙට්‍රෝලියම් තෙල්
38. භූමිතෙල්
39. ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සහ ගුවන් යානා ඉන්ධන
40. ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන
41. නෞකා ඉන්ධන
42. ක්‍රීඩා උපකරණ
43. රබර් හෝ ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා යොදාගන්නා යන්ත්‍ර
44. අව්කණ්ණාඩි
45. සුවඳ විලවුන්
46. මෝල්ඩින්ග්
47. ඡායාරූප සංවේදී අර්ධ සන්නායක උපකරණ
48. අස්කණ්ණාඩි හා කණ්ණාඩි රාමු නිෂ්පාදනය සඳාහ වූ අමුද්‍රව්‍ය
49. කුකුළු, තාර ආදී කර්මාන්ත සඳහා වූ යන්ත්‍ර සූත්‍ර හා අමතර කොටස්
50. ඉරනලද ලී
51. ගෘහාශ්‍රිත පාරිභෝජනයට ගන්නා රෙදිපිළි
52. බවුසර් රථ
53. බුල්ඩෝසර් රථ
54. ග්‍රේඩර් රථ
55. ලෙවලර් රථ
56. එක්ස්කැවේටර් රථ
57. ගිනි නිවන රථ
58. බලශක්ති පිරිමැසුම් නිෂ්පාදන සඳහා වූ අමුද්‍රව්‍ය
59. ආනයනික පදම් නොකළ ලී කඳන්
60. අධි ප්‍රෝටීන හා අධි ශක්ති කෘෂි ආහාර
61. මුහුදු වැලි
62. දේශීව නිෂ්පාදිත හෑන්ඩ්ලූම් රෙදිපිළි
63. දේශීයව නිෂ්පාදිත පොල් තෙල්
64. පොල් කෙඳි
65. වගා පැලට්ස්
66. වගා බෑග්
67. ඇඹරූ කෙඳි
68. පොල්ලෙලි
69. මැටි උළු
70. පිරිසැකසුම් නොකළ කෘෂි හෝ ධීවර නිෂ්පාදන
71. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පිරිසැකසුම් නොකළ ඉස්සන්
72. ආනයනික වේවැල්
73. දේශීයව සැකසූ කිරි නිෂ්පාදන
74. දේශීයව සැකසූ සහල් නිෂ්පාදන
75. දේශීයව නිපදවූ සීනි
76. තේ කර්මාන්තය සඳහා යොදාගන්නා දේශීයව නිපදවූ යන්ත්‍ර සූත්‍ර
77. ශල්‍යකර්ම සඳහා යොදාගන්නා දේශීයව නිපදවූ ගෝස්
78. දේශීයව නිපදවූ ආභරණ
79. දේශීයව නිපදවූ වගා පැලට්ස්
80. දේශීයව සංවර්ධනය කරනලද මෘදුකාංග
81. දේශීයව නිපදවූ ජල හා සුළං බලාගාර යන්ත්‍රෝපකරණ හා මෙවලම්
82. දේශීයව නිපදවූ ටර්බයින
83. දේශීයව නිපදවූ මැටි වළං නිෂ්පාදන
84. දේශීය වෙළෙඳ පොළ සඳහා දේශීයව නිපදවූ රෙදිපිළි
85. කෘත්‍රිම අත් පා
86. කිහිලිකරු
87. රෝද පුටු
88. ශ්‍රවණ උපකරණ
89. ශ්‍රවණ උපකරණ සඳහා මෙවලම්
90. සුදු සැරයැටි
91. බ්‍රේල් යතුරුලියන හා අමතර කොටස්
92. බ්‍රේල් ලිවීමේ කඩදාසි හා බෝඩ්
93. කෘෂි ට්‍රැක්ටර් හෝ මාර්ගගත ට්‍රැක්ටර්
94. ජංගම දුරකථන
95. කෘෂි උපකරණ
96. මෙමොටීස්
97. මුල්ලුව
98. පොහොර
99. ආටේමියා බිත්තර හා පීට් මොස්
100. කෘෂි බීජ
101. කෘෂි පැළ
102.කූණිස්සන් පෝෂණ
103. ඉදිකිරීම් කර්මාන්ත සඳහා යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර
104. කිරි නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර
105.පරිගණක සහ පරිගණක උපාංග
106.රෙදිපිළි කර්මාන්තයට යොදාගන්නා මැෂින් නූල්
107. හෑන්ඩ්ලූම් කර්මාන්තයට යොදාගන්නා වර්ණක
108.සහල් මෝල් කර්මාන්තයේ යොදාගන්නා යන්ත්රසූත්ර
109.ඉස්සන්
110. සූර්යකෝෂ මොඩියුල්, උපාංග හා සූර්යකෝෂ නිවාස පද්ධති
111. අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ
112. ටිකට්පත් නිකුත් කරන යන්ත්‍ර නිෂ්පාදනයට යොදාගන්නා යන්ත්රසූත්ර
113. පෙට්ට්‍රල්, ගල් අඟුරු හෝ තාර
114. බේකරි නිෂ්පාදන සඳහා වූ ධාන්‍ය නිපදවීමට යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර හෝ මෙවලම්
115. ලෙදර්, පාවහන් හෝ බෑග් නිපදවීමට යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර හෝ මෙවලම්
116. වාහන නලා
117. ටැක්සි මීටර්
118. කෘෂි යන්ත්‍ර සූත්‍ර සහ අමතර කොටස්
119. ඉලෙක්ට්‍රොනික් උපාංග හෝ කොටස්
120.සැහැල්ලු ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්‍රිකල් උපාංග
121. පලතුරු බීජ
122. විදුලිසංදේශ උපකරණ
123.විදුලිසංදේශ කර්මාන්තය සඳහා වූ යන්ත්‍ර සූත්‍ර හෝ අධි තාක්ෂණික උපකරණ
124.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සඳහා භාවිත කරන අමතර කොටස් හා උපාංග
125. ලොරි රථ
126. ට්‍රක් රථ
127.බස් රථ
128.දේශීයව නිපදවූ පාම් තෙල්
129. පදම් නොකළ දැව කඳන්
130. ගුවන් යානා එන්ජින් හෝ ගුවන් යානා අමතර කොටස්
131. පාවහන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සැකසූ ලෙදර්
132.ඖෂධ හෝ ආයුර්වේද ඖෂධ ඇසුරුම් සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය
133. ගුවන් යානා ස්ටිමියුලේටරයන් හා කොටස්
සේවා
1. අධ්‍යාපන ආයතනයක් මගින් නිර්දේශිත අධ්‍යාපන සේවා
2. යම් පුද්ගලයෙකු හෝ හවුල්කාරීත්වයක් මගින් නිර්දේශිත අධ්‍යාපන සේවා
3. මහජන පුස්තකාල සේවා
4. පොදු මගී ප්‍රවාහන සේවා
5. විදුලිය හා බෙදාහැරීම්
6. ආදාහන හා භූමදාන අවමංගල්‍ය සේවා
7. විදෙස් සංවිධාන මගින් සෘජුවම අරමුදල් සැපයෙන භාණ්ඩ හෝ සේවා
8. ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් මෙහෙයුම්
9. විනිමය හුවමාරු
10. ජීවිත රක්ෂණ
11. අග්‍රහාර රක්ෂණය
12. භෝග හා පශු සම්පත් රක්ෂණය
13. සේයා පටල නිෂ්පාදනය සඳහා වූ රසායනාගාර පහසුකම්
14. ඕනෑම ආකාරයක යාත්‍රාවක් සඳහා වූ සේවා
15. ප්‍රති රක්ෂණ සේවා
16. දේශීය දුරකථන සේවා සමාගම් වෙත බලපත්‍ර සැපයෙන සේවා
17. පර්යේෂණ හා සංවර්ධන සේවා
18. වාණිජ දෙපාර්තමේන්තු සේවා
19. ඕනෑම ආකාරයක ජාත්‍යන්තර වැඩසටහනක් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් අනුමත විශේෂ සේවා
20. ඒකකභාර කළමනාකාරණ සමාගමේ සේවා
21. ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම ක්‍රීඩකයෙකුට, ක්‍රීඩා සංවිධායකයෙකුට හෝ අනුග්‍රාහකයෙකුට සැපයෙන නවාතැන් පහසුකම් සේවා
මහීෂා චන්ද්‍රගුප්ත