එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂය මගින් පවත්වනු ලබන මැයි දින රැළියට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.
මහනුවර ගැටඹේ ක්රීඩාංගණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, එයට සහයෝගය ලබාදෙන ආකාරය පිළිබඳව සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සහ පක්ෂ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.