ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වූ ජාතික ආණ්ඩුවක් තිබිය නොහැකි බව බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම පක්ෂ 2 එකතුව ආණ්ඩුවක් කිරීමට යාමෙන් පක්ෂ දෙකෙහි පාක්ෂිකයන් ගැටුම් ඇති කර ගැනීමට ඉඩ තිබෙන බව රණතුංග මහතා සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ප්‍රධාන පක්ෂ 2 ට අමතරව ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයන්ද ඇමතිධුර දරමින් පාලනය ගෙනයෑම අවශ්‍ය බවය.