අපනයනය සඳහා ගෙවල්වල එකතුවන පොල් වතුර එකතු කිරීමේ වැඩපිළිවෙලක් ඇතිකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) ප්‍රකාශ කළේය.
පොල් වගාව පිළිබඳ ඔහු මතුකළ ප්‍රශ්නයකට විශයබාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිතරු ලබාදීමෙන් අනතුරුවය.
දිනකට පොල් ගෙඩි මිලියන 3කට ආසන්න ප්‍රමාණයක පොල්වතුර නිවාසවලින් ඉවතලන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් වැවිලි කර්මාන්ත අමාත්‍ය කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේ, නිවාසවලට ගොස් පොල් වතුර එකතු කිරිම තරමක් අපහසු බවයි.