එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කළ 05 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස අද (12දා) උදෑසන ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නලීන් බණ්ඩාර, මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් අළුවිහාරේ, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එඩ්වඩ් ගුණසේකර යන මහත්වරුන් මෙලෙස දිවුරුම් දීමට නියමිතය.
කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තේරී පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ වන විට විදේශ සංචාරයක නිරත වන බැවින් ඔහු දිවයිනට පැමිණි පසු එම තනතුරේ දිවුරුම් දීමට නියමිතය.