ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හුවමාරු වැළැක්වීම පිණිස එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය නිවාරණ හා අපරාධ යුක්ති මණ්ඩල ආයතනයේ ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලෙස අධිකරණ ඇමතිවරයා කළ ඉල්ලීම ජගත් සංවිධානය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය නිවාරණ සහ අපරාධ යුක්ති මණ්ඩල ප්‍රධාන කාර්යාලය පිහිටුවීම පිණිස කරුණු සොයා බැලීමට ජගත් සංවිධානයේ අධ්යක්ෂ යුරි ෆෙඩෙටෝ මහතා මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලයක් වන මෙය පිහිටුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ඒකාබද්ධ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.
අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව සමග ඒකාබද්ධව මෙම ආයතනය ක්‍රියාත්මක වේ යැයි පැවසේ.