UL125 දරණ කොළඹ සිට චෙන්නායි බලා ගුවන්ගත කළ යානාව ඊයේ (09දා) ආරක්ෂිතව චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වූ බවත්, එහි ගමන්ගත් මගීන් හා කාර්ය මණ්ඩලය අනතුරටක් පත්ව ඇතැයි පැවසීම සාවද්‍ය බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.
මෙම යානය සම්බන්ධයෙන් පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙසේ නිවේදනය කරයි.
එහි සුළු තාක්ෂණික දෝෂයක් පැය දෙකක් වැනි කාලයකින් නිරාකරණය කරගැනීමෙන් අනතුරුව යානය නැවත ශ්‍රී ලංකාව බලා පිටත්ව ගිය බවද ගුවන් සමාගම කියයි.
එහිදී, ගුවන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිය සමාගම කැපවීමෙන් කටයුතු කරන බව පෙන්වාදෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මෙම අවස්ථාවේදී ගුවන් මගීන් හා කාර්ය මණ්ඩලය අනතුරකට පත්ව ඇතැයි සඳහන් කිරීම සාවද්‍ය බවද පෙන්වා දෙයි.