එළඹෙන මැයි මස පළමුවනදා (1) සිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් රජයේ කිසිඳු ඉඩමකට කුණු බැහැර කරලීම තහනම් බවබස්නාහිර සංවර්ධන හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
ඒ අනුව යම් නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කුණු බැහැර කරලීමට භූමියක් අවශ්‍යවන්නේ නම් එම ආයතන සතු ප්‍රතිපාදනවලින් අදාළ වියදම පියවීමට සිදුවන බව ද අමාත්‍යවරයා පවසයි.