ටීඑන්එල් නාළිකාවේ විකාශන කටයුතු අත්හිටුවීම සම්බන්ධව එම නාළිකාවේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා සහ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව තමන්ට එවා ඇති ලිපි දෙකක සඳහන් කරුණුවල පරස්පරතාවක් තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධව තවදුරටත් කරුණු සොයා බලන බවත්, ඉදිරි දිනවලදී ශාන් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව නීතිමය පියවර ගන්නා බවට දන්වා තිබෙන බවත්, ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.