ටෙල්ෂාන් නෙට්වර්ක් පුද්ගලික සමාගමේ පොල්ගහවෙල විකාශනාගාරය මගින් VHF 11 සහ VHF 03 හරහා විකාශන කටයුතු කරගෙන යෑමට එම ආයතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අවසර ගෙන නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් පී. ආර්. එස්. පී ජයතිලක පවසයි.
අද (06දා) නිවේදනයක් නිකුත් කරමින් අධ්යක්ෂවරයා සඳහන් කරන්නේ එම විකාශනාගාරය හරහා විකාශන කටයුතු කරගෙන යෑමේදී රජයේ අනෙකුත් විකාශනයන්ට බාධා පැමිණෙන බැවින් මීට පෙර ඒ පිළිබඳ එම ආයතනය දැනුවත් කළද එම දැනුම් දීම් නොතකා විකාශන කටයුතු කර ඇති බවයි.
එමෙන්ම එම ආයතනය විදුලි සංදේශන පනත උල්ලංඝනය කරමින් අදාළ විකාශනාගාරය පවත්වාගෙන ගිය බවද එම විකාශනාගාරයේ කටයුතු නැවැත්වීමට ගත් ක්රියාමාර්ගයේ වෙනත් අරමුණක් නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.