ටී.එන්.එල්. නාලිකාවේ විකාශන මධ්‍යස්ථානයට සීල් තැබීම සම්බන්ධව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් විමසීමක් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.
පාර්ලිමේන්තුවේ සැසිවාරයට සහභාගීවන අතරතුරදී තමන්ට මෙම කරුණ දැනගන්නට ලැබුණු බවත්,මෙම කරුණ විමසීමට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට තමන් ගත් උත්සහය ව්‍යවර්ථ වූ බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණෙ නායක විමල් වීරවංශ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් මංගල සමරවීර මහතා මෙම අදහස් පළකළේය.
ටීඑන්එල් නාලිකාව පසුගිය කාලයේදී ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු විවේචනය කළද එම නාලිකාවේ විකාශන කටයුතුවලට බාධාකර තිබීම සම්බන්ධව විරෝධය පළකරන බවද වීරවංශ මහතා ප්‍රකාශ කළේය.