ටී.එන්.එල්. රූපවානිහියට අයත් පොල්ගහවෙල විකාශනාගාරය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් මුද්‍රා තබා ඇත. එම රූපවාහිනී සේවයේ නිල ෆේස්බුක් පිටුවෙන් අද (05දා) ප්‍රකාශ කළේ විකාශනාගාරය තුළ ඇති උපකරණ ඔවුන් රැගෙන යාමට කටයුතු කරමින් සිටින බවත් නියමිත පරිදි ගෙවීම් සිදුකර තිබියදී මෙසේ කටයුතු කිරීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බවයි.