ටී.එන්.එල්. නාළිකාවේ විකාශන මධ්‍යස්ථානයට මුද්‍රා තැබීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
බලපත්‍රය අලුත් නොකිරීම මත මෙම කටයුත්ත සිදුව තිබෙන බවට සඳහන් වන බවත්, කෙසේනමුත් ජනමාධ්‍ය නිදහස ගැන කතා කරන මෙම යුගයේදී සිදුවූ මෙම ක්‍රියාව අනුමත නොකරන බවද අද (07 දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය. මේ නිසා කඩිනමින් මෙම ගැටලුව විසඳනු ඇතැයි තමන් සිතන බවද හෙතෙම පවසා සිටියේය.