නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට හිමිවිය යුතු බව වන්නි දිස්ත්රිකයෙන් දෙමළ ජාතික සන්ධානය යටතේ මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා පැවසීය.
නව පාර්ලිමේන්තුව හා ජාතික ආණ්ඩුව පිළිබඳව කළ විමසීමේදී ඔහු මේබව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කරසිටි අඩෙයික්කලනාදන් මහතා මෙසේද පැවසීය
‘‘අලූතින් පත්වූ පාර්ලිමේන්තුව තුළින් ජාතික ආණ්ඩුවක් පිහිටුවල තියෙන්නේ.මේනිසා පාර්ලිමේන්තුවට ප්රබල විපක්ෂයක් ඕන වෙනවා. ඒ විපක්ක්ෂනායක ධුරයට දෙමළ ජාතික සන්ධානයට ඕන තරම් සුදුසුකම් තියෙනවා. අනික අපි මේ වෙනකොට තුන්වන බලවේගය විදිහට තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ.
මීට පෙරත් පාර්ලිමේන්තුව ජාතික ආණ්ඩුවක් පිහිටවපු අවස්ථාවේදී අපිටයි විපක්ෂ නායක ධුරය දෙන්න තිබුණේ. නමුත් ඒ වෙලාවේදී ඒකදුන්නේ නැහැ.දෙමළ ජාතික සන්ධානය විසින් දැන් ඒක ලබාගන්න තවත් සුදුසුකම් මේ මැතිවරණයේදී ලබල තියෙන්නේ.දෙමළ ජාතික සන්ධානය විපක්ෂය භාරගන්න එකත් වැදගත්. අපි ඒ අවස්ථාව ලබා ගන්න දැන් දැඩි බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඒ නිසා ඒක අපිට ලැබෙයි කියා අප හිතනවා"