දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත්සභා මන්ත්‍රී ආර්. ඉන්ද්‍රරාජා මහතාට ඊයේ (18) රාත්‍රියේ වවුනියාව, උක්කුලාන්කුලම් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පහරදී ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.
අදාළ පහරදීමෙන් පසු මන්ත්‍රීවරයා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර,ඔහු සුළු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.
වවුනියාව විපුලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි සිසුවියක් පසුගියදා මියයාම සම්බන්ධයෙන් විමසා බැලීමට අදාළ දැරියගේ නිවසට ගොස්,යතුරුපැදියකින් නැවත එමින් සිටියදී මන්ත්‍රීවරයා අදාළ පහරකෑමට ලක්ව තිබේ.