ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැය ලේඛනය සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් අද (16දා) පැවැත්වෙන අයවැය දෙවැනි වර ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් 08 දෙනෙකු අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමේ තීරණයක් ගෙන ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ විශේෂ රැස්වීමක් අද (16දා) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමටද නියමිතය. අයවැය දෙවැනි වර කියවීමේ ඡන්දය විමසීම අද (16දා) පස්වරු 6.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.