දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ 3 ක් විසින් මෙරට සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිස්චය සභාවක් පත් කරන ලෙසට එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරයාගෙන් ඉල්ලීමක් කරමින් ලිපියක් යවා ඇත.
දෙමළ ජාතික සන්ධානයේ ප්ලොට්, ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ් යන සංවිධාන වසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමාරු වෙතට අදාළ ඉල්ලීම ඇතුලත් ලිපිය යවා ඇති අතර මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වූ ඉල්ංකෙයි තමිල් කච්චි පක්ෂය විසින් අත්සන් තබා නොමැත.
ලිපිය මගින් ඉල්ලා ඇත්තේ යුද අපරාධ සම්බන්ධයෙන් මෙරට අභ්‍යන්තර පරික්ෂණයක් සිදු කිරීම කාලය අපතේ යැවීමක් බවත් එය ඵල රහිත බැවින් ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කළ යුතු බවටයි.