වත්මන් රටේ වතාවරණය හා උතුරේ වාතාවරණය මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (19දා) සවස යාපනය රදගුරු නිවසේදී පැවත්විණි.
යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශ් හිමිපාණණ්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් යන අය සහභාගි වූහ.
පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වී සිටින නවක පිරිස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී රදගුරු හිමිපාණෝ දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ව දැනුවත් කළහ.
ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයට මේ අවස්ථාවේදී ඇති අභියෝග වශයෙන් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ප්රශ්නය, දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්රශ්නය, උතුරේ ඉඩම් ප්රශ්නය නව ව්‍යවස්ථා සංශෝධනය යන අභියෝගයන් ඇති බව දෙපාර්ශ්වය විසින් මෙහිදී කරුණු සාකච්ඡා කරනු ලැබීය.
කෙසේ වෙතත් ඉතා ඉවසිලිවන්තව හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව දේශපාලන කටයුතු කර ගෙන යාමේ වැදගත්කම මෙහිදී යාපනය රදගුරු හිමිපාණෝ විසින් දෙමළ ජාතික සන්ධානයේ නායකයන් හට පෙන්වා දී තිබේ.