දෙමළ ජාතික සන්ධානය තහනම් කිරීම ප්රජාතන්ත්රවාදය සඳහා අත්‍යාවශ්‍ය කාරණයක් බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මමන්පිල මහතා අද (05දා) පැවසීය.
කොටි සංවිධානයේ දේශපාලන අංශය ලෙස දෙමළ සන්ධානය කටයුතු කළ බව පැවසූ මන්ත්‍රීවරයා, උතුරට සැබෑ ප්රජාතන්ත්රවාදය ලැබීමට නම් හිට්ලර්ගේ නාසි පක්ෂයට සහ සදාම් හුසේන්ගේ බාත් පක්ෂයට අත්වුණු ඉරණම දෙමළ සන්ධානයටද අත් කරදිය යුතුයැයි කියාසිටියේය.
ආණ්ඩුවේ අයවැයට කිසිම සංශෝධනයක් ඉදිරිපත් නොකර ඊට පක්ෂව ඡන්දය දුන් ලෝක ඉතිහාසයේ එකම විපක්ෂ නායකවරයා වන්නේ එම පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා බවත්,එවැනි පුද්ගලයෙකු විපක්ෂ නායක ධුරය දැරීම ජාතියේ අවාසනාවක් බවත් සඳහන් කළේය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.