දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරම් මහතාගේ අනුරුවකට ගිනි තබමින්, ප්රධාන කාරණා තුනක් මුල් කරගනිමින් යාපනයේ වැසියන් පිරිසක් ඊයේ (21 දා) යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්රී ලංකාව පිළිබඳ වූ වාර්තාව කල්තැබීමට විරෝධය පෑම, යුද සමයේදී අතුරුදන් වූ වැසියන් සොයාදෙන ලෙසින් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් වත්මන් රජයට බලකිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ විය.
එමෙන්ම මෙහිදී මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්දිරම් යන මන්ත්රීවරුන්ට උද්ඝෝෂකයෝ දැඩි විරෝධය පළකළහ.
එම මන්ත්රීවරුන් වත්මන් රජයට පක්ෂපාතී වෙමින්, ජිනීවා මානව හිමිකම් වාර්තාව එළිදැක්වීම කල්දැමීමට විරුද්ධ නොවීම ඔවුන්ට එරෙහිව විරෝධය පෑමට හේතුව විය.
එහිදී යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිට උද්ඝෝෂකයන් විසින් එම්.ඒ. සුමන්තිරන් මහතාගේ පඹයෙකුට ගිනි තැබීමද විශේෂ සිදුවීමක් විය.