දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත්කිරීමේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ වුවමනාවට හා ඔවුන්ගේ කැමැත්තට පමණක් සීමාවී එය සිදුකිරීම තමන් අනුමත නොකරණ බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසීය.
මහමැතිවරණයට පෙර පක්ෂය විසින් පවත්වන ලද සාකච්ඡාවලදී තීරණය කරණ ලද්දේ පක්ෂයේ විශේෂ සාකච්ඡාවකින් පසුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්කළ යුතු බවට වුවත් කිසිදු සාකච්ඡාවකින් තොරව ඉලංකෙයි තමිල් අරුසු කච්ඡි පක්ෂයට වුවමනා අන්දමට මන්ත්‍රීවරුන් පත්කොට ඇති බව කී මන්ත්‍රී වරයා එය දෙමළ ජාතික සන්ධානයේ පොදු එකගතාවය නොවන බවද කියා සිටියේය.