යුද සමයේ ඇති වූ වගවීම් හා මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ජිනීවා බලා යාමට සැරසෙති.
එම පළාත් සභාවේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා %අද^ පුවත්පතට කියා සිටියේ තමා, පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිධරන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එලෙස ජිනීවා නුවර බලා යන බවයි.
එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කරුණු ඉදිරිපත් කොට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බවට ඉල්ලා සිටින බවද ඔහු කීය.
කෙසේ නමුත් ජාත්‍යන්තර පරීක්ෂණයකට එකඟ නොවන බව ශ්‍රී ලංකා රජය දැනටමත් දැනුම් දී ඇති අතර, ඒ සඳහා ඇමෙරිකාව ඇතුළු රටවල් සහාය පළකර ඇත.