යාපනෙය්දි දෙමළ ජාතික සන්ධානයේ අධාරකරුවන් දෙදෙනකු ඝාතනය කළ ඊපීඩීපී සංවිධානයේ නියෝජිතයින් තිදෙනෙකුට යාපනය මහාධිකරණය විසින් ඊයේ (07දා) මරණ දඩුවම නියම කළේය.
2001 වසරේ නොවැම්බර් මස 28 වැනි දා මෙම ද්විත්ව ඝාතනය සිදුකොට තිබිණ. මරණ දඩුවමට අමතරව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ට හා සාමාජිකයින්ට පහරදීම සහ රථවාහන වලට අලාභ හානි සිදුකිරීමේ චෝදනාවන්ට වසර 20ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ දඩමුදලක්ද ගෙවන ලෙස මහාධිකරණය නියම කළේය.