2008/12/13 වන දින කාත්තන්කුඩි ප්රදේශයේදීෙ ටී. 56 වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම හා කාන්තාවකට බරපතල තුවාල සිදු කිරිම සමිබන්ධයෙන් නැගෙනහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ති‍්‍රවරයෙකු වන පුබාලපුල්ලේ ප්‍රශාන්තන් නැමති දැනට තමිල් මක්කල් විඩුතෙලෙ පුලිගල් (ටී.එම්.වී.පී) පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කර අය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කාන්තන්කුඩු පොලීසිය අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති අතර පෙරේදා (21දා) කාත්තන්කුඩි පොලිසියට පැමිණි මියගිය අයෙකුගේ සහෝදරියක් විසින් මෙම අපරාධය සියැසින් දුටු බවට සදහන් කරමින් සැකකරුවන් කිහිපදෙනෙකුගේ නමි අනාවරණය කළ බවත් ඉන් අනතුරුව මෙම අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.