පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටී.එම්.වී.පී. මහ ලේකම් පූපාලපිල්ලෙයි ප්රසාන්තන් මහතා ලබන 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව මහාධිකරණ විනිසුරු එම්.එම්.එන්.අබ්දුල්ලාහ් මහතා ඊයේ (27දා) නියෝග කළේය.
මඩකලපුව ආරයම්පදියේ 2008 වසරේ දෙසැම්බර් මාසයේ 29 වැනිදා රජයේ පාසලක ගුරුවරයෙකු වන ක්රිෂ්ණපිල්ලෙයි මනෝහරන් ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූපාලපිල්ලෙයි ප්රසාන්තන් මහතා පසුගිය සතියේ අත්අඩංගුවට ගැනිණි.
මේ සම්බන්ධයෙන් ක්රිෂ්ණපිල්ලෙයි මනෝහරන්ගේ සහෝදරියක විසින් කාත්තාන්කුඩි පොලීසියට පසුගිය සතියේ කට උත්තරයක් ලබා දී ඇති අතර, මේ යටතේ ඔහු ත්රස්තවාදී තහනම් පනත යටතේ පැය 72 ක් කාත්තන්කුඩි පොලීස් භාරයේ තබා විමසීම් කිරීමට අධිකරණයේ අනුමැතිය ලැබිණි.
ජවුෆර් ඛාන්