සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. අයවැය යෝජනා මඟින් ප්‍රකාශයට පත් කරන ලද සංශෝධන අනුව සකස් කරන ලද එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ සහිත එක් යෝජනාවක් අනුව මෙම බදු ක්‍රමය ඉවත් කිරීමට නියමිතය.
අපනයනකරුවන්ට මේ සඳහා අනුගතවීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් එම බදු ක්‍රමය ඉවත් කිරීම ක්‍රියාත්මක වන දිනය 2018 ජනවාරි මස 01 දින ලෙස සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
එසේම නැවත සකස් කරනු ලැබ ඇති එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍ර‘යේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමෙන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලෙය් අනුමැතිය ලැබී ඇත.