රජයේ වාහනයක් අවභාවිත කරමින් රජයට රුපියල් 140,000ක පාඩුවක් කළැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරී කේ.එල්.එම්. සරත්චන්ද්‍ර මහතාට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (28දා) නියෝග කළේය.
රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු අණදෙන නිලධාරීවරයා ඇප දුන් මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසාන ඉරිදා දිනයේදී පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසත් නියම කළේය.