හිටපු එස්.ටී.එෆ්. අණදෙන නිලධාරී කේ.එල්.එම්. සරත්චන්ද්‍ර මහතා රටට සේවයක් කළ බවත්, රටට සේවය කළ පුද්ගලයන් සිර භාරයට ගැනීම හොඳ දෙයක් නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවසීය. සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදයක් අතරතුරදී අග්‍රාමාත්‍යවරයා එසේ පවසා සිටිය්ය.
එසේම මේ පිළිබඳව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සමග අද (28දා) සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගිය ආණ්ඩුව මගින් අත්අඩංගුවට ගත් බවද ඔහු සඳහන් කළේය. ඇතැම් හමුදා නිලධාරීන් පසුගිය පාලන කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ පිළිබඳව කිසිවෙකුත් කතා නොකළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.