හිටුපු එස්.ටී.එෆ්. අණදෙන නිලධාරී කේ.එල්.එම්. සරච්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ දේශපාලන බලපෑමක් මත නොවන බවත්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ බවත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා අද (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඔහු අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් බවත්, විශ්‍රාම ගැනීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ ජීප් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඇමතිවරයා පැවසීය.
රුපියල් එක්ලක්ෂ හතළිස් දහසයේ මුදල ඔහු රථය භාවිත කළ කාල සීමාවේදී ඉන්ධන සඳහා වැය වූ මුදල බවත් මන්ත්‍රීවරයා පැවසීය.