පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීයා විසින් මාධ්‍යයට සිදුකළ තර්ජනය. මධ්‍යයට පමණක් සිදුකළ තර්ජනයක් නොව එය සමස්ත ජනතාවටම සිදුකළ තර්ජනයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
මේ නිසා අදාළ නිලධාරීවරයා පිළිබඳව විමර්ශනයක් සිදුකර ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අද (21දා) සවස 1.00 ට පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
ජනතාවට තොරතුරු දැන ගැනීමට අවස්ථාව සලසා දෙන මාධ්‍යයට තර්ජනය කිරීම තුළින් සිදුවන්නේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ අවස්ථාව අහිමිවී යාම බවද පවසා සිටියේය.