රජයේ කිසිම ආරක්ෂක නිලධාරියෙකුට හිතුමතේ ප්‍රකාශ සිදුකළ නොහැකි බවත්, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා මාධ්‍යයට සිදුකළ ප්‍රකාශය හෙළාදකින බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේය.
පසුගියදා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා විසින් මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යයට තර්ජනයවන ආකාරයට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝ‘ජ්‍ය අමාත්‍යවරයා මේබව පැවවසුවේ අද(22දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය