තම ජංගම දුරකථනයට පෙම්වතියගෙන් ආ කෙටි පණිවුඩය දුටු පියා ඊට දොස් කීම නිසා සිත්තැවුලට පත් 16 හැවිරිදි සිසුවෙකු නිවස අසල ගසක එල්ලී දිවි නසාගෙන ඇතැයි දකුණ කළුතර පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, කළුතර බොලොස්සගම විදුහලේ සිසුවෙකි. ඔහුගේ පෙම්වතියද එම පාසලේ එකම පංතියේ ඉගෙනුම ලබන අයකු බව පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කළුතර සුනිල් එස්. තන්ත්රිආරච්චි