SME ව්‍යවසායකයන් සඳහා ණය යෝජනා ක්‍රම 100ක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට, මහ බැංකුවට සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.
ජාතික ආර්ථික සභාව මගින් ආර්ථික පුනර්ජීවනය උදෙසා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම 100ක වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන අතර, ඒ පිළිබඳ රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.
දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් දිරිගන්වමින් මෙරට දේශීය කර්මාන්තයේ නව පුනර්ජීවයක් ඇති කිරීම මෙහි අරමුණ බව කියයි. ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත මෙම වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් ඉදිරි සති දෙකක කාලය තුළ තමා වෙත ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
