ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2015 ඊයේ (27දා) ආරම්භ වූ අතර, එය නොවැම්බර් මස 1 වන දින දක්වා ත්‍රිකුණාමල මුහුදු තීරයේදී පැවැත්වේ.
මෙම වසරේ පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා 6ක් සහ වේග ප්‍රහාරක යාත්‍රා 6ක්ද, ඉන්දීය නාවික හමුදාවේ නෞකා 3ක්ද සහභාගී වේ.
සහයෝගීතාවය, සම්බන්ධීකරණය සහ එක්ව කටයුතු කිරීම තුළින් කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම මෙන්ම, ස්වකීය හැකියාවන් සහ සීමාවන් පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර ගැනීම තුළින් දෙරටේ නාවික හමුදා අතර අන්තර් සන්නිවේදන හැකියාවන් සහ තාක්ෂණික ගැළපීම් වැඩිදියුණු කර ගැනීම මෙම අභ්‍යාසය පැවැත්වීම තුළින් බලාපොරොත්තු වේ.
මෙමගින් නෞකා ස්ථානගත කිරීම හා සමූහයක් වශයෙන් යාත්‍රා කිරීම, පණිවුඩ හුවමාරුව, නෞකා අතර පුද්ගලයින් හා ද්‍රව්‍ය හුවමාරු කිරීම සහ හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාස ඒකාබද්ධ ලෙස පැවැත්වීමට අවස්ථාව සැලසෙනු ඇත.