එළඹෙන 2020 ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමට සූදානම් බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසූවේ අද (13දා) මාධ්‍යවේදීන් 2020 ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි යන්න විමසූ අවස්ථාවේදී ඒ සඳහා පිළිතුරු ලබාදෙමිනි.