ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගණය කරමින් පක්ෂයේ හිටපු මහ ලේකම් පක්ෂ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදිම නිතිවිරෝධී බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම කාරක සභිකයින් විසින් ගොනුකළ නඩුව අද (14දා) කොළඹ දිසා අධිකරණයේදී විභාගයට ගැණින.
නඩුව නැවතත් පෙබරවාරි 20 දා දක්වා කල් තැබීමට සනත් ජේ. මොරවක මහතා නියෝග කළේය.
නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් දුමින්ද දිසානායක හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ මැතිවරණ කොමසාරිස් නම්කොට අති අතර ඔවුහු ඒ සඳහා විරෝධතා ගොනු කළහ.