ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට එක්විය යුතු බව බස්නාහිර පළාත් මහ අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා ප්‍රකාශ කරයි. නුගේගොඩ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව ඔහු මෙම අදහස් දැක්වීය.
“අපි ජනාධිපතිතුමාට යෝජනා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි විපක්ෂයට එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී එන මැතිවරණවලට ශක්තිමත්ව මුහුණ දෙමු කියලා. කාගෙවත් ආණ්ඩුවක ඉදලා අපි ඒ අපකීර්තිය ගාව ගන්න ඕන නෑ. ජනපතිතුමා සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පසුගිය කාලයේදී කිසිම දූෂණයක්, වංචාවක් අක්‍රමිකතාවක් කළේ නෑ.”