ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව අද (02දා) සවස රැස්වේ.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද උදේ රැස්වී තිබෙන අතර, එහිදී ගත් තීන්දු තීරණ මෙම සභාවලට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතය.
මීට අමතරව ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට සූදානම් වන ආකාරයද මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.