පළාත් පාලන සභාපතිවරුන් පස් හයදෙනෙකු ඉල්ලා අස්වන්නැයි කියා සිටියද වත්මන් ආණ්ඩුවෙන් තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු එම තනතුරුවලින් ඉවත් නොවන බව වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසීය.
පක්ෂයෙන් ඒ සඳහා නිල දැනුම්දීමක් කළහොත් පමණක් ඇමති ධුර ඇත්හැරීමට තමන් ඇතුළු 27 දෙනා සූදානම් බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, යම් යම් වාර්තා පළවුවද නව ආණ්ඩුවේ තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වන බවට මේ දක්වා නිල දැනුම්දීමක් කර නොමැති බවයි.