කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ එකතු වන කසළ අද (20දා) දහවල් වනතුරු ඉවත් කර නොමැති බව එහි ගිය අපට දැකගත හැකිවිය. පක්ෂ මූලස්ථානය ඉදිරිපිට පැත්තකට වන්නට පොලිතීන් උරවලට දැමු කසළ මලු ගොඩගසා තිබිණි.
මේ අතර පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් ආරම්භ කර ඇති ඩෙංගු මර්දන වැඩසටහනට සහාය දැක්වීම සඳහා තරුණ පෙරමුණේ 5000ක බළඇණියක් සූදානම් කර ඇති බවයි.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ