ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියේ කිසිදු කටයුත්තකට පොලීතීන් භාවිත නොකිරීමට තීරණයක් ගත් බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේය.
මේ අනුව මැයි පළමු වැනිදා මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි දින රැලියේ සියලුම සැරසිලි සහ අනෙකුත් කටයුතු සඳහා රෙදි භාවිත කරන බවද හෙතෙම පවසා සිටියේය.